මෙම තත්ත්වය Sexual drive එසේත් නැත්නම් Libido ලෙසින් ද හැඳින්වේ. ලිංගික ආශාව යනු ලිංගික ක්‍රියාවලියේ යෙදීම සඳහා පුද්ගලයෙකුගේ ඇති කැමැත්තකි. මෙය ස්වයං වින්දනය, විරුද්ධ ලිංගික සේවනය හා සම ලිංගික සේවනය ලෙස කොටස් කිහිපයකට වර්ග කළ හැකි වේ.
මෙහිදී බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ විරුද්ධ ලිංගික සේවනයයි. මීට සාපේක්ෂව සම ලිංගික මෙන්ම ස්වයං වින්දනය යන තත්ත්ව ද අඩු වැඩි වශයෙන් සමාජයේ දක්නට ලැබේ. ලිංගික ආශාව යනු වැරදි හෝ නරක කාර්යයක් නොවේ.
එය මිනිසාගේ අනෙකුත් අවශ්‍යතා හා සමානම තවත් එක් අවශ්‍යතාවකි. මිනිසා අනෙකුත් සත්ත්වයන්ගෙන් වෙනස් වන්නේ යම් විනයක් ඇතිව මෙම ආශාව සන්තර්පනය කර ගැනීම නිසයි. නමුත් ලිංගික ආශාවේ සීමාව මෙතරම් යැයි ප්‍රකාශ කිරීම තරමක් අපහසු කරුණක්.
නමුත් එදිනෙදා ජීවිතයේදී යුවළක් අතර තිබෙන සම්බන්ධතාවක් පිළිබඳ සලකා බැලීමේදී අනෙක් පුද්ගලයාට කරදරයක් නොවන අයුරින් සම්බන්ධතාව පවත්වාගෙන යාම ඉතා වැදගත්. යම් පුද්ගලයෙකුට අධික ලෙස ලිංගික ආශාව තිබෙනවා නම් තමාගේ සහකරුවා හෝ සහකාරිය සමඟ නිතර නිතර ලිංගිකව හැසිරෙනවා නම් (සහකරුවාට හෝ සහකාරියට කරදරයක් වන අයුරින්) යම් ගැටලුවක් ඇති බව ඉන් අදහස් වේ.
ලිංගික ආශාව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට බලපාන කරුණු මොනවා ද?
මෙය ප්‍රධාන කොටස් තුනක් යටතේ කතාබහ කළ හැකි වේ. ඒවා ජෛව විද්‍යාත්මක සාධක, පෞද්ගලික සාධක, සමාජමය හා ආගමික සාධක ලෙස වෙන්කර දැක්විය හැකියි. මේ යටතේ මූලිකව ජෛව විද්‍යාත්මක සාධක පිළිබඳ විමසා බලනවා නම් ලිංගික ආශාවට බලපාන හෝර්මෝන වර්ග කීපයක් හඳුනාගෙන තිබේ.
ඒ අතුරින් වැදගත්ම වන්නේ ටෙස්ටස්ටෙරෝන් නැමැති හෝර්මෝනයයි. මෙම හෝර්මෝන ප්‍රමාණය අධික වීමෙන් ලිංගික ආශාව සාමාන්‍ය මට්ටම ඉක්මවා යා හැකියි. ඒ වාගේම කාන්තාවකගේ නම් ඔසප් චක්‍රය අනුව ලිංගික ආශාවේ අඩු වැඩි වීමක් දැකගත හැකි වේ.
ස්වභාවිකවම කාන්තාවකගේ ලිංගික ආශාවේ උපරිමය වන්නේ ඩිම්බ මෝචන අවදියයි. ඒ වගේම අර්තවහරණයේදීත් සාමාන්‍යයෙන් ලිංගික ආශාවේ අඩුවක් දැකගත හැකි වේ. නමුත් සුළු පිරිසකගේ පමණක් ලිංගික ආශාව අධික විය හැකියි.
දෙවැනි කරුණ වන්නේ පෞද්ගලික සාධක යන්නයි. එහිදී අදාළ පුද්ගලයාගේ පවුල් ජීවිතයේ ගැටලු, මානසික ආතතිය, මානසික පසුබෑම හා කලකිරීම, මානසික අපහසුතා, දරුවන් හා සමීපතමයන්ගේ ගැටලු නිසා ලිංගික ආශාව සාමාන්‍යයෙන් අඩු වීමක් දක්නට ලැබේ. නමුත් ඇතැම් අයගේ ඉහත කරුණු නිසාම ලිංගික අසහනය ඉහළ යාමක් ඇතිවිය හැකියි.
තෙවන කරුණ වන්නේ සමාජමය හා ආගමික සාධකයි. මෙහිදී ඇතැම් සමාජ කණ්ඩායම් ලිංගික ක්‍රියාවලියට යම් යම් තහංචි බාධා පැනවිය හැකියි. ඇතැම් විට ආගමික හා සමාජීය පසුබිම මඟින් පුද්ගලයෙකුගේ ලිංගික ආශාව පාලනය කරනු ලැබේ.
මොළයේ ඇතිවන යම් යම් ගැටලුකාරී තත්ත්ව අධික ලිංගික ආශාවට හේතුවක් ද?
මොළයේ හට ගන්නා විවිධ ගැටලු රසායනික ආබාධ හා විවිධ රෝග තත්ත්ව නිසා පුද්ගලයා තුළ අධික ලිංගික ආශාව වර්ධනය විය හැකියි. එහිදී මේනියාව (Mania) වැනි රෝග තත්ත්ව මූලිකව හඳුනාගත හැකි වේ.
මෙහිදී ඇතිවන අසාමාන්‍ය ලිංගික ආශාව නිසා නාඳුනන අය සමඟ පවා ලිංගිකව සම්බන්ධතා පැවැත්විය හැකියි. මෙම රෝග ලක්ෂණවලට අමතරව කථාව වැඩිවීම, ආවේගශීලී වීම, පාන්දර පවා අවදි වී අධික්‍රියාකාරි වීම, නින්ද නොයාම, අධික කෝපය, වෙනදාට වඩා ප්‍රාණවත් ස්වභාවයක් ශරීරයට දැනීම ආදී ලක්ෂණ දැකගත හැකියි. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂටම පොදුවේ ඇතිවන තත්ත්වයකි.
මීට අමතරව ඩ්රනධථචදඪච නැමැති රෝග තත්ත්වයක් ද තිබෙන අතර එහිදී ද “මේනියා” තත්ත්වයේ ලක්ෂණ දැකගත හැකි වුවත් පෙර රෝග අවස්ථාවේදී තරම් දරුණු ලෙස එය දැකගත නොහැකි වේ. මෙය ඉක්මනින් ප්‍රතිකාර ලබාදිය යුතු තත්ත්වයකි.
කෙසේ වෙතත් මෙම රෝගයේදී ලිංගික ආශාව අධික වීම නිසා අනවශ්‍ය ගැබ් ගැනීම්, ලිංගික අපයෝජනයට ලක්වීම, සමාජ රෝග, අනියම් සම්බන්ධතා නිසා ඇතිවන පවුල් ප්‍රශ්න වැනි ගැටලු රාශියකට පුද්ගලයෙකුට මුහුණ දීමට සිදු වේ. මේවා ඉතා පොදුවේ දැකගත හැකි තත්ත්වයන්ය.
ඩිමෙන්ෂියා යනු ස්නායු සෛල ක්ෂය වීමේ රෝග තත්ත්වයකි.
මෙය මානසික වික්ෂිප්තය ලෙසින් ද හඳුන්වනු ලැබේ. මෙය සාමාන්‍යයෙන් වයස අවුරුදු 65න් පසුව දැකගත හැකි රෝගී තත්ත්වයකි. නමුත් ඊට පෙර වයස්වලදී ද මෙවැනි රෝගීන් දැකගත හැකි වේ. මෙහිදී මොළයේ ඉදිරි මස්තිෂ්කයේ ස්නායු ක්ෂයවීම හා ස්නායුවලට හානිවීම නිසා තැන නොතැන බලා ලිංගික කටයුතුවල යෙදීම, අන් අය ඉදිරියේ ස්වයං වින්දනයේ යෙදීම, ලැජ්ජාවකින් තොරව කාන්තාවන් අතපත ගෑම හා ඔවුන්ට අනවශ්‍ය යෝජනා කිරීම වැනි චර්යාවන් මෙවැනි පුද්ගලයෙකුගෙන් දැකගත හැකි වේ. වයස්ගත පුද්ගලයෙකු මෙවැනි අසාමාන්‍ය හැසිරීමකින් යුතු වීම හෝ දැඩි ලිංගික ආශාවකින් පෙළෙයි නම් ඔහු හෝ ඇයට නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු වේ.
ඒ වගේම හදිසි අනතුරු නිසා මොළයට සිදුවන අනතුරු වලින් පසුව ඇතැම් පුද්ගලයන්ගේ ලිංගික ආශාව ඉහළ යා හැකියි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට ප්‍රසිද්ධියේ ලිංගික කටයුතුවල යෙදීම ගැටලුකාරී වුවද මෙවැනි පුද්ගලයන්ගේ ලැජ්ජාව බිය නැති වී යයි. ඔවුන් එවැනි අවස්ථාවකදී තැන නොතැන නොබලා ලිංගික කටයුතුවල යෙදිය හැකියි.
තවද මන්ද මානසිකත්වයෙන් (Mental Retardation) පසුවන අයට මෙවැනි රෝගී අවස්ථාවන් ඇතිවිය හැකියි.
මීට අමතරව කලාතුරකින් ඇතිවන රෝග අවස්ථාවන් ලෙස කාන්තාවන්ගේ අධික ලිංගික ආශාව රෝගයක් මට්ටමට වැඩි වෙමින් පවතිනවා නම් එය Nymphomania ලෙසින් හැඳින්වේ. පිරිමින්ගේ මෙම තත්ත්වය Satyriasis ලෙසින් හැඳින්වේ.
මීට අමතරව ඇතැම් මත්ද්‍රව්‍ය නිසාද ලිංගික ආශාව අධික විය හැකියි. සමහර අවස්ථාවල මත්පැන් නිසාද ලිංගික ආශාව වර්ධනය විය හැකියි.
ඒ වගේම කාම ආශාවන් උද්දීපනය වන සමාජ වටපිටාවක් තිබෙනවා නම් ලිංගික කටයුතු පිළිබඳ එම සමාජය විවෘත මෙන්ම ලිහිල් ආකල්ප දරනවා නම් පවුලේ අයගේ ලිංගික හැසිරීම් නිතර දක්නට ලැබේ නම් අන්තර්ජාලය, චිත්‍රපට හා නිල් වීඩියෝ දර්ශන නිතර දකින්නට ලැබේ නම් හා සුදුසු කාලයේදී සුදුසු ලිංගික අධ්‍යාපනයක් නොමැති කමත් අධික ලිංගික අශාවන්ට මඟපාදනු ලැබේ.
// //
0
comments
//
0 comments to "අසාමාන්‍ය ලිංගික ආශාව "
Blog Archive
-
▼
2016
(34)
-
▼
February
(17)
- තමන්ගේ ලිගුව ප්‍රාණවත් නොවීමට හේතු සහ තමන්ගේ සහකාර...
- අසාමාන්‍ය ලිංගික ආශාව
- කාන්තාවන් ස්වයංවින්දනයේ යෙදෙන ආකාරය
- කෙල්ල සෙක්ස් වලට කැමතිද කියල නහයෙන් දැනගන්න හැටි
- සෙක්ස් කරන්න හොඳම වයස මෙන්න
- ස්වයං වින්දනයේ යෙදෙන නොයෙදෙන සියලු දෙනාම කියවන්න.
- ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙ...
- ඔබේ පියයුරු ස්වභාවිකවම විශාල කර ගන්නේ කොහොමද ?
- සුපිරියට sex කරන්නේ කොහොමද
- ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට
- උපත් පාලන පෙති (මිතුරි) කියන්නේ මොකද්ද?
- යුගදිවිය බිඳවන ජීවිතේ රිදවන නොකියන රහසක්
- ලිංගික හැසිරීම් වල යෙදිය යුතු/නොයුතු කාල තිබේද?
- Family Planning (උපත් පාලන ක්‍රම)
- පියයුරු වල ප්‍රමාණය හා හැඩය අනුව කාන්තාවන් සතුටු ක...
- පිරිමි ලිගුවේ පෙරසම හා ආශ්‍රිතව ඇතිවන ව්‍යාකූලතා
- යෝනි මාර්ගයෙන් දුඟදක් වහනය වෙනවද
-
▼
February
(17)
Popular Posts
-
කාන්තා ස්වයංවින්දනය ගැන ලිපියක් ලියන්න පටන්ගත්තට ලියල ඉවර කරන්න ලැබුනෙ නෑ වැඩත් එක්ක? ඔන්න කොහොම හරි අද ඉවර කරනව කියල පටන්ගත්ත, නැත්ත...
-
අද වන විට බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වනුයේ පිරිපුන් පියයුරු යුගලයක් හිමි කර ගැනීමය. ඒ ස දහා ඔවුන් නොකරන දෙයක් නැත. ඔවුන් නොකරන කැපකිරීමක...
-
යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය ලෙස සැලකේ. කාන්තාවකගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය...
-
ලිංගිකව ඒක්වීමේදි ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට ලක් කර ඇයට කවදාවත් නොලැබුන සතුටක් ලබා දෙන හැටි ගැහැනිය සුන්දර...
-
තම සහකරු හෝ සහකාරියගේ රහස් ප්‍රදේශයන් සිප ගැනීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මන්ද ලිංගික කි‍්‍රයාවලියේදී සිප ගැනීම් සුළබ...
-
සුපිරියට sex කරන්න කියවන්න දැනගන්න පෝෂ්‍යදායි ආහාර හා ව්‍යායාම කියන්නෙ නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍ය දේවල්. ඒවගේම හොඳ ලිංගික ජීවිත...
-
තමන් යාලූවුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්... 1. ...
-
මෙම ප්රශ්නය අද ගොඩක් පිරිමි අතර පවතින දෙයකි. සමහර පුද්ගලයන්ට ලිගුව ප්‍රාණවත් නොවීමක් සිදුවේ. තව සමහරක් අයට ලිංගික එකතුවීමකදී අවසානය ...
-
පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැ...
Post a Comment