Gril Happy
 rahas padesha

තමන්ගේ ලිගුව ප්‍රාණවත් නොවීමට හේතු සහ තමන්ගේ සහකාරිය සමග හොදින් ලිංගිකව එකතුවීමට නොහැකි වීමට හේතු.




මෙම ප්‍රශ්නය අද ගොඩක් පිරිමි අතර පවතින දෙයකි. සමහර පුද්ගලයන්ට ලිගුව ප්‍රාණවත් නොවීමක් සිදුවේ. තව සමහරක් අයට ලිංගික එකතුවීමකදී අවසානය දක්වා තමන්ගේ ශිශනය ක්‍රියාකාරීව නොහැකි තාවයක් පවතී.තව සමහර අයට දවසකට එක සරයකට වඩා එකතු වීමට නොහැකි වේ. මෙයට ප්‍රදාන කරුණු මොනවද බලමු.

1) ප්‍රදානම හේතුවක් ලෙස අපිට දක්වන්න පුළුවන් මානසික පීඩනය.මෙම මානසික පීඩනය නිසා ගොඩක් අයට ලිංගිකව එක්වීමට නොහැකි තත්වයක් ඇතිවේ. මානසික පීඩනයක් ඇතිවීමේදී මොලයෙන් නිකුත් කරන හෝමෝන නතර කිරීමට පටන් ගනී. මෙම මොලයෙන් නිකුත් කරන හෝමෝන මගින් තමයි අපේ මනසේ උද්දීපනයක් ඇති වන්නේ.මෙම හෝමෝන නිකුත් නොකිරීම නිසා අපිට එකතු වීමට මනසේ කැමැත්තක් ඇති නොවේ. විශේෂයෙන් මෙය ඇති වීමට හේතු විදියට දක්වන්න පුළුවන් ජොබ් එකේ ඇති ප්‍රශ්න සහ පව්ලේ ප්‍රශ්න ඇතිවීම.

2) තව හේතුවක් ලෙස දැක්වීමට පුළුවන් හයි බ්ලඩ් ප්ලේසර්. මේ නිසා අපේ ඇගේ ලේ ගමනාගමනය අඩු වේ.තමන්ගේ ලිගුව හොදින් තියාගැනීම සදහා අපේ ඇගේ ලේ ගමනාගමනය හොදින් පැවතිය යුතුය.ලේ ගමනගනය නිසා තමයි අපේ ලිගුව ගොඩක් වෙලා ප්‍රාණවත් වෙලා පවතින්නේ. හයි බ්ලඩ් ප්ලේසර් නිසා අපේ ඇගේ ලේ ගමනාගමනය අඩු වේ.

3)තවද දයබෙටිස් පවතින පුද්ගලයන්ටත් හොදින් ලිංගිකව එකතු වීමට නොහැකි වේ. අදික සීනි ඇගේ තිබීමෙන් අපගේ ලේ ගමන් කරන නහර පොඩි තුවාල වීම් නිසා අපේ ලිගුව ප්‍රාණවත් වීම අඩු කරයි.

4)තවද ගොඩක් වෙලා බය්සිකල් පැදීම නිසාද මෙම තත්වය ඇති වේ.මොකද අපේ ලිගුව අශ්‍රීතව පවතින නහර වලට ගොඩක් වෙලා බර යාම මගින් අපේ ලිගුව අසල පවතින නහර හෝ නර්ව්ස් දැමෙජ් වේ.

5) තව ප්‍රදාන කාරණයක් ලෙස දැක්වීමට පුළුවන් අපේ වයසත් සමග ඇගේ ටෙස්ටෙස්ටේරෝන් ප්‍රමාණය අඩු වීම.සාමාන්‍යයෙන් වයස 30න් පස්සේ අපේ අගේ ටෙස්ටෙස්ටේරෝන් නිපදවෙන ප්‍රමාණය සියයට 1ත් 2ත් අතර අඩුවේ. ටෙස්ටෙස්ටේරෝන් යනු අපිට ලිංගිකව එකතු වීමට දෙන හෝර්මෝනයකි. මෙමෙ හෝර්මෝනය අගේ අඩු වීමෙන්ද ලිංගිකව හරියාකාරව එකතු වීමට නොහැකි වේ.

6)මීට අමතරව මහත්වීම, සිගරට් බීම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැනි හේතු නිසාද ලිංගිකව හරියාකාරව එකතු වීමට නොහැකිවේ.


0 comments to "තමන්ගේ ලිගුව ප්‍රාණවත් නොවීමට හේතු සහ තමන්ගේ සහකාරිය සමග හොදින් ලිංගිකව එකතුවීමට නොහැකි වීමට හේතු."

Post a Comment

 purusha shaktiya
 horascope

Blog Archive

Popular Posts