පිරිමි ලිගුවේ පෙරසම හා ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූලතා
ප්‍රධාන වශයෙන් දක්නට ඇත්තේ
- පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම.)
- පසු පසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම.
- පෙර සම ආශ‍්‍රිතව ඇතිවන පිලිකා
පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම) - මෙය phimosis ලෙස හදුන්වන අතර එය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙය බහුලව කුඩා ළමුන් අතර දක්නට ඇති අතර තරුණ අය අතරද දක්නට ලැබෙන අවස්තා ඇත.
මෙවැනි අවස්ථාවක ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?
- මුත‍්‍රා කරන විට ලිගුව කෙලවර බැලූනයක ආකාරයට පිම්බීම
- මුත‍්‍රා ඈතට විද නොයෑම හෝ බිංදු බිංදු වැටීම
- මුත‍්‍රා කිරීමට අධික ලෙස තැටමීම.
- නිතර නිතර මුත‍්‍රාවල විෂබීජ තත්ව ඇතිවීම.
- සමහර අවස්ථා වලදී ලිගුව කෙළවරින් සුදු පැහැයට හෝ කහ පැහැයට දියරමය ද්‍රව්‍යකින් පිටවීම.
- විෂබීජ තත්ව ඇතිවීම. (ලිගුව කෙළවර රතු වී ඉදීමීම)
- වැඩිහිටියෙකුගේ නම් ලිංගික සංසර්ගයේදී දැඩි වේදනාවක් ඇතිවීම.
- පිටුපසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම.
ප‍්‍රථිකාර මොනවාද?
- මෙය වෛද්‍ය උපදෙස් ලබාගත යුතු තත්වයකි.
- ඉතා කුඩා දරුවෙකුගේ නම් වෛද්‍ය වරයා විසින් පරීක්‍ෂා කිරීමෙන් පසු ශල්‍යකර්මයක් අවශ්‍ය වන්නේද නැතිද යන වග තීරණය කරුණු ලබයි. සමහර අවස්ථාවලදී පවතින ස්වභාවය අනුව ක‍්‍රීම් වර්ගයක් (ස්ටීරොයිඞ් සහිත) ආලේප කර සම පිටුපසට කිරීමට උපදෙස් දෙනු ඇත. මෙය දිනකට කිහිප වතාවක් කිරීමෙන් සමහර දරුවන්ගේ යථා තත්වයට පත්වේ. එසේ නොවන අවස්ථා වලදී ශල්‍යකර්මයක් මඟින් පෙර සම ඉවත් කිරීම වඩාත් යෝග්‍ය වේ.
මෙම ශල්‍යකර්මයේ අතුරු ආබාධ තිබේද?
විශේෂිත වූ අතුරු ආබාධ නොමැත. නමුත් ලිගුව කෙලවර කොටසෙහි ඇති සංවේදී බව අඩුවිය හැකි අතර එම කොටසට පහසුවෙන් තුවාල සිදුවීමේ හැකියාව ඇත.
පෙර සම ඉවත් කිරීමේ ශල්‍යකර්මයට පසු
- සාමාන්‍යයෙන් සුව වීමට සතියක් පමණ ගතවේ.
- ශල්‍යකර්මය කල දිනයේදීම හෝ පසුදින රෝහලින් පිටකරනු ලැබේ.
- මෙම ශල්‍යකර්මයට පසුදිනම ස්නානය කලහැක. අදාල ප‍්‍රදේශය ජලයෙන් සෝදා හැරිය හැකි වේ.
- විෂ බීජ නාශක ක‍්‍රීම් වර්ගයක් ආලේප කර කුඩා ගෝස් කැබැල්ලකින් දිනපතා ආවර්ණය කර තැබිය හැක.
- එය තෙත් වී ඇත්නම් වහාම ඉවත් කල යුතුය.
ශල්‍යකර්මය කිරීමට පෙර නිර්වින්දනය සිදුකෙරේද?
කුඩා දරුවන්ගේ මෙය කරන්නේ සම්පූර්ණයෙන් නිර්වින්දනය කිරීමෙනි. වැඩිහිටියන්ගේ මෙය හිරි වැට්ටවීමෙන් පසු කල හැක.
යම් හෙයකින් ලේ ගැලීමක් වුවහොත් කුමක් කල යුතුද?
ඉතා පිරිසිදු රෙදි කැබැල්ලකින් එතැන විනාඩි 10ක් පමණ තද කරගෙන සිටින්න. බොහෝ විට ලේ ගැලීම නවතී. එසේ නවතින්නේ නැතිනම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
ශල්‍යකර්මයට පසු වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුත්තේ කුමන අවස්ථාවේද?
- ලේ ගැලීම නැවතුනේ නැතිනම්
- සැරව ගැලීමක් ඇත්නම්
- සම්පූර්ණ ලිගුව රතුවී තිබේ නම්
- එක දිගටම කැක්කුම පවතින්නේ නම්
විශේෂයෙන් සැළකිය යුතු අවස්ථා
- දරුවන් නැහැවීමේ දී මෙන්ම ශරීර කෘත්‍යයන් කරගැනීමට නොහැකි වැඩිහිටියන් නැහැවීමේදී ද පෙර සම පිටුපසට කර එහි වූ සුදුපැහැති ද්‍රව්‍ය (Smegma) සෝදා හැරීම කල යුතුය. මෙය ලිගුව කෙළවර තෙත්ව තබා ගැනීමට දිනපතා ඇතිවන ස‍්‍රාවයක් වන අතර එසේ දිගටම එකතු වීමෙන් ඒමත විෂබීජ තත්ව ඇතිවීමට පුළුවන.
මෙම හේතුව නිසාම බොහොමයක් වැඩිහිටියන් රොහල් ගතවන අවස්ථා ඇත. මීට අමතරව මෙය මුත‍්‍රාවල විෂබීජ ආසාදන තත්ව ඇතිකිරීමටද හේතු පාදක වේ
// //
0
comments
//
0 comments to "පිරිමි ලිගුවේ පෙරසම හා ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූලතා"
Blog Archive
-
▼
2016
(34)
-
▼
February
(17)
- තමන්ගේ ලිගුව ප්‍රාණවත් නොවීමට හේතු සහ තමන්ගේ සහකාර...
- අසාමාන්‍ය ලිංගික ආශාව
- කාන්තාවන් ස්වයංවින්දනයේ යෙදෙන ආකාරය
- කෙල්ල සෙක්ස් වලට කැමතිද කියල නහයෙන් දැනගන්න හැටි
- සෙක්ස් කරන්න හොඳම වයස මෙන්න
- ස්වයං වින්දනයේ යෙදෙන නොයෙදෙන සියලු දෙනාම කියවන්න.
- ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙ...
- ඔබේ පියයුරු ස්වභාවිකවම විශාල කර ගන්නේ කොහොමද ?
- සුපිරියට sex කරන්නේ කොහොමද
- ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට
- උපත් පාලන පෙති (මිතුරි) කියන්නේ මොකද්ද?
- යුගදිවිය බිඳවන ජීවිතේ රිදවන නොකියන රහසක්
- ලිංගික හැසිරීම් වල යෙදිය යුතු/නොයුතු කාල තිබේද?
- Family Planning (උපත් පාලන ක්‍රම)
- පියයුරු වල ප්‍රමාණය හා හැඩය අනුව කාන්තාවන් සතුටු ක...
- පිරිමි ලිගුවේ පෙරසම හා ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූලතා
- යෝනි මාර්ගයෙන් දුඟදක් වහනය වෙනවද
-
▼
February
(17)
Popular Posts
-
කාන්තා ස්වයංවින්දනය ගැන ලිපියක් ලියන්න පටන්ගත්තට ලියල ඉවර කරන්න ලැබුනෙ නෑ වැඩත් එක්ක? ඔන්න කොහොම හරි අද ඉවර කරනව කියල පටන්ගත්ත, නැත්ත...
-
අද වන විට බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වනුයේ පිරිපුන් පියයුරු යුගලයක් හිමි කර ගැනීමය. ඒ ස දහා ඔවුන් නොකරන දෙයක් නැත. ඔවුන් නොකරන කැපකිරීමක...
-
යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය ලෙස සැලකේ. කාන්තාවකගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය...
-
ලිංගිකව ඒක්වීමේදි ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට ලක් කර ඇයට කවදාවත් නොලැබුන සතුටක් ලබා දෙන හැටි ගැහැනිය සුන්දර...
-
තම සහකරු හෝ සහකාරියගේ රහස් ප්‍රදේශයන් සිප ගැනීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මන්ද ලිංගික කි‍්‍රයාවලියේදී සිප ගැනීම් සුළබ...
-
සුපිරියට sex කරන්න කියවන්න දැනගන්න පෝෂ්‍යදායි ආහාර හා ව්‍යායාම කියන්නෙ නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍ය දේවල්. ඒවගේම හොඳ ලිංගික ජීවිත...
-
තමන් යාලූවුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්... 1. ...
-
මෙම ප්රශ්නය අද ගොඩක් පිරිමි අතර පවතින දෙයකි. සමහර පුද්ගලයන්ට ලිගුව ප්‍රාණවත් නොවීමක් සිදුවේ. තව සමහරක් අයට ලිංගික එකතුවීමකදී අවසානය ...
-
පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්‍ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැ...
Post a Comment