උපත් පාලන පෙති එහෙමත් නැත්නම් බොහෝදෙනා දන්නා පරිදි මිතුරි පෙති යනු ගැබ්ගැනීම වලක්වා ගැනීම සදහා පාවිච්චි ප්‍රචලිත උපත් පාලන ක්‍රමයකි. මෙම පැකට් එකක පෙති 28ක් ඇති අතර එයින් පළමු පෙති 21ක හෝමෝන පෙති වන අතර අනිත් පෙති 7 විටමින් පෙතිය (බොහෝ විට මෙය යකඩ පෙතිය).
මෙය ක්‍රියා කරන්නේ කොහොමද?
මෙම පෙති වලින් කරන්නේ කාන්තාවන්ගේ ඩිම්භ කෝෂයෙන් ඩිම්භ පිටවීම වලක්විමයි, එමගින් ගර්භනී වීම වලකයි. ඊට අමතරව ගැබ් ගෙලහි ගණකම වැඩිකිරීමත් එසේම ගර්භාශයේ ගණකම අඩු කිරීමත් කිරීමෙන් ගර්භණි වීමට ඇති සම්භාවිතාව අඩු කරයි.
මෙය එලදායී ක්‍රමයක්ද?
ඔව්, මන්දයත් දිනපතා නිවැරදිව ගතහොත් 99.9% ගර්භණිවිම වලක්වයි.
මෙම පෙති ගන්න අතර ගර්භණි වුවත් ගර්භයට හානියක් සිදුවූ කිසිදු අවස්ථාවක් වාර්තා වී නොමැත.
පාවිච්චි කරන්න පුළුවන් කාටද?
- අලුතින් විවාහ දිවියට එළබෙන කාන්තාවන්ට උපත් පාලන ක්‍රමයක් ලෙස.
- ගැබ් ගැනීම් අතර කාල පරතරයක් පවත්වා ගැනීමට.
- මාසික ඔසප්වීම ක්‍රමවත් කිරීමට.
මෙය මුලින්ම පාවිච්චි කිරීමට පෙර වෛද්‍ය උපදෙස් පැතීම යුතුයි, මන්දයත් සමහර අවස්ථා වලදී මෙය පාවිච්චි නොකරන නිසයි.
උදා:
1. අධි රුධිර පීඩනය හෝ දියවැඩියාව ඇති අයට
2. හදවත් රෝගීන්
3. පියයුරු පිළිකා තිබු අයට
4. අක්මාවේ ගැටළු ඇති අයට
5. ක්ෂය රෝගය, වලිප්පු රෝගීන්ට
ගන්න පුළුවන් කොහෙන්ද?
1. ඔබගේ පවුලේ වෛද්‍යවරයාගෙන්.
2. රජයේ අනුමත ඖෂධ සැල් වලින්.
3. පවුල් සැලසුම් සංවිධානයෙන් (Family Planning Association).
4. පවුල් සෞඛ්‍ය සේවා නිලදරියගෙන් (Midwife).
මෙම පෙති පටන් ගන්නේ කොහොමද?
ඔබ මුල් වතාවට මෙම පෙති පටන් ගන්නේ නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩා යෝග්‍යයි, මන්දයත් සමහර අවස්ථා වලදී මෙම පෙති භාවිත නොකරන නිසා.
ඔබ නියමිත පරිදි ඔසප් වීම වන කෙනෙක් නම් ඔසප්වූ මුල් දිනයේ පළමු පෙත්ත ගැනීම පටන් ගත යුතුයි, පසුව සදහන් වී ඇති පිළිවෙලට පාවිච්චි කරන්න.
ඔබ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින, උපත් පානය කිරීමට සිටින කෙනෙක් නම්, විවාහ මාස 2 කට පෙර පාවිච්චි කරන්න පටන් ගන්න.
ඔබ කිරි දෙන මවක් නම්, දරුවාට මාස 6ක් වන තුරු පටන් ගන්න එපා.
ඔබ දරු ගැබ නැතිවූ (abortion) කාන්තාවක් නම් එය සිදුවී මුල් දින 5 ඇතුලත නැවත පටන් ගන්න.
පෙත්තක් ගැනීම අමතක වුනොත් මොකද කරන්නේ?
එක දිනක කහ පැහැති පෙත්ත අමතක වුනොත් මතක්වු වහාම එම පෙත්ත ගන්න, සහ පුරුදු පරිදි අනිත් පෙත්තත් ගන්න (එම දිනයදී පෙති 2ක් ගැනීමට සිදුවිය හැක)
දුබුරු පැහැති පෙත්තක් අමතක වුවහොත් එය අමතක කර පුරුදු පරිදි අනිත් පෙත්ත සිට ගන්න.
අතුරු ප්‍රතිපල තිබෙනවද?
බොහෝ කාන්තාවන්ට අතුරු ප්‍රතිපල නොමැති තරම්, නමුත් සමහර කාන්තාවන් ඔක්කාරය, වමනය, බර වැඩිවීම, යෝනි මාර්ගයෙන් රුධිරය සුළු වශයෙන් පිටවීම දැකිය හැක.
ආහාර අනුභාවයෙන් පසු පෙති පාවිච්චියෙන් ඔක්කාරය, වමනය වලක්වා ගැනීමට හැක.
බර වැඩිවීම සිදුවන්නේ ආහාර රුචිය වැඩි වීම නිසයි. පෝෂ්‍යදායි අහරවෙලක් සහ ව්‍යායාම මගින් මෙය වලක්වාගත හැක.
නිතර අසන ප්‍රශ්න
පෙති ගන්නවිට මාසික ඔසප් වීම සිදුවිය හැකිද ?
ඔව්, මෙය බොහෝවිට දුබුරු පැහැති පෙති ගන්න විට සිදුවන අතර, ඊට අමතරව යටිබඩේ කැක්කුම අඩු වෙයි.
පෙති නැවැත්වූ විට නැවත ගර්භණි වීමට කොපමණ කාලයක් ගතවනවද?
ඔව්, පෙති නැවැත්වූ විගස නැවත ගර්භණි විය හැකියි. නමුත් සමහරවිට සියලු දේ නැවත සාමාන්‍ය වීමට මාස 3ක පමණ කාලයක් ගතවිය හැක.
මිත්‍යා මත - මෙම පෙති නිසා උපදින දරුවාගේ අඩුපාඩු ඇති විය හැක.
සත්‍ය - සම්පුර්ණයෙන්ම වැරදියි. එසේ කිසිම දෙයක් සිදුවන්නේ නැහැ.
මිත්‍යා මත - මෙම පෙති නිසා ගර්භණි වීමේ හැකියාව අඩු වෙනවා.
සත්‍ය - සම්පුර්ණයෙන්ම වැරදියි. ගර්භණි වීමේ හැකියාවට කිසිදු බලපෑමක් නැහැ
.
මිත්‍යා මත - නිතර ලිංගිකව එකතුනොවන නිසා පෙති නිතිපතා ගන්න ඕනේ නැහැ.
සත්‍ය - නැහැ, වැරදියි. ගැබ්ගැනීම් වලක්වා ගන්න අවශ්‍ය නම් නිතිපතා පිළිවෙලට පෙති ගන්න ඕන.
මිත්‍යා මත - මෙම පෙති නිසා කුරුලෑ වැඩි වෙන්න පුළුවන්.
සත්‍ය - නැහැ, වැරදියි. ඇත්තටම මෙම පෙති වලින් කුරුලෑ අඩු වෙනවා.
උපුටාගැනිම
// //
0
comments
//
0 comments to "උපත් පාලන පෙති (මිතුරි) කියන්නේ මොකද්ද?"
Blog Archive
-
▼
2016
(34)
-
▼
February
(17)
- තමන්ගේ ලිගුව ප්‍රාණවත් නොවීමට හේතු සහ තමන්ගේ සහකාර...
- අසාමාන්‍ය ලිංගික ආශාව
- කාන්තාවන් ස්වයංවින්දනයේ යෙදෙන ආකාරය
- කෙල්ල සෙක්ස් වලට කැමතිද කියල නහයෙන් දැනගන්න හැටි
- සෙක්ස් කරන්න හොඳම වයස මෙන්න
- ස්වයං වින්දනයේ යෙදෙන නොයෙදෙන සියලු දෙනාම කියවන්න.
- ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙ...
- ඔබේ පියයුරු ස්වභාවිකවම විශාල කර ගන්නේ කොහොමද ?
- සුපිරියට sex කරන්නේ කොහොමද
- ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට
- උපත් පාලන පෙති (මිතුරි) කියන්නේ මොකද්ද?
- යුගදිවිය බිඳවන ජීවිතේ රිදවන නොකියන රහසක්
- ලිංගික හැසිරීම් වල යෙදිය යුතු/නොයුතු කාල තිබේද?
- Family Planning (උපත් පාලන ක්‍රම)
- පියයුරු වල ප්‍රමාණය හා හැඩය අනුව කාන්තාවන් සතුටු ක...
- පිරිමි ලිගුවේ පෙරසම හා ආශ්‍රිතව ඇතිවන ව්‍යාකූලතා
- යෝනි මාර්ගයෙන් දුඟදක් වහනය වෙනවද
-
▼
February
(17)
Popular Posts
-
කාන්තා ස්වයංවින්දනය ගැන ලිපියක් ලියන්න පටන්ගත්තට ලියල ඉවර කරන්න ලැබුනෙ නෑ වැඩත් එක්ක? ඔන්න කොහොම හරි අද ඉවර කරනව කියල පටන්ගත්ත, නැත්ත...
-
අද වන විට බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වනුයේ පිරිපුන් පියයුරු යුගලයක් හිමි කර ගැනීමය. ඒ ස දහා ඔවුන් නොකරන දෙයක් නැත. ඔවුන් නොකරන කැපකිරීමක...
-
යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය ලෙස සැලකේ. කාන්තාවකගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය...
-
ලිංගිකව ඒක්වීමේදි ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට ලක් කර ඇයට කවදාවත් නොලැබුන සතුටක් ලබා දෙන හැටි ගැහැනිය සුන්දර...
-
තම සහකරු හෝ සහකාරියගේ රහස් ප්‍රදේශයන් සිප ගැනීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මන්ද ලිංගික කි‍්‍රයාවලියේදී සිප ගැනීම් සුළබ...
-
සුපිරියට sex කරන්න කියවන්න දැනගන්න පෝෂ්‍යදායි ආහාර හා ව්‍යායාම කියන්නෙ නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍ය දේවල්. ඒවගේම හොඳ ලිංගික ජීවිත...
-
තමන් යාලූවුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්... 1. ...
-
මෙම ප්රශ්නය අද ගොඩක් පිරිමි අතර පවතින දෙයකි. සමහර පුද්ගලයන්ට ලිගුව ප්‍රාණවත් නොවීමක් සිදුවේ. තව සමහරක් අයට ලිංගික එකතුවීමකදී අවසානය ...
-
පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැ...
Post a Comment