සෙක්ස් (Sex)
යන වචනය කාගෙන් හෝ මුවින් ප්‍රසිද්ධ ස්‌ථානයකදි ශබ්ද නගා පිටවුව හොත් බොහෝ
දෙනා එම පුද්ගලයා දෙස බලන්නේ මහා විශාල වරදක් කළ අයකු ලෙසිනි. එසේත්
නැතිනම් නැහැදිච්ච වනචර පුද්ගලයෙකු ලෙසිනි. නමුත් අප රටේ උදෑසන අවදිවූ
මොහොතේ පටන් රාත්‍රියේ නින්දට යනතුරු වැඩිම භාවිතයක් ඇති වචනය වන්නේද
සෙක්‌ස්‌ය. වර්තමානයේ තරුණ තරු‚යන්ගේ ආදරයේ පළමු තැන සෙක්‌ස් ය.
රැකියාවක් ලබාගැනීමේදී හෝ උසස් වීමක් ලබා ගැනීමේදී පමණක් නොව
ක්‍රීඩාවේදී ජාතික කණ්‌ඩායමට එක්‌වීම සඳහාද වර්තමානයේ දක්‍ෂතාවයට වඩා
සෙක්‌ස් වලට මුල්තැන
ලැබී ඇති බව පසුගියදා අනාවරණය විය.
එහෙත් අපි
˜සෙක්‌ස්˜ ගැන ප්‍රසිද්ධියේ කතා බහ කරන්න පැකිලෙන්නෙමු. නමුත් කෙටි
ප‚වුඩ සෙක්ස් මගින් හොර රහසේ සෙක්‌ස් ගැන කතා කරන්න ප්‍රිය කරන්නෙමු. එහි
ප්‍රතිඵල මේ වන විට අනාවරණය වෙමින් පවතී. එනම් දිනකට නීති විරෝධී ගබ්සාවන්
700 ක් පමණ ශ්‍රී ලංකාවේ සිදුවන බවත්ය. සෑම සතියකට වරක් එච්. අයි. වී.
ආසාදිතයන් දෙදෙනකු පමණ වාර්තාවන බවත්ය. මේ සියල්ලට හේතුව අපි සෙක්‌ස් ගැන
හොරෙන් කතා බහ කිරීමය.
වර්තමානයේ අප
ජීවත්වන්නේ අති දියුණු තාක්‌ෂ‚ක ලෝකයකය. එනිසා අප හිතෙන ඕනෑම දෙයක් සුළු
මොහොතකින් ලබාගත හැකිය. අවාසනාවකට අප බොහෝ දෙනා මෙම දියුණු තාක්‌ෂණයෙන්
ලබාගන්නේ අත්‍යවශ්‍ය දේවල් නොව අන්‍යවශ්‍ය දේවල්ය.මීට වසර විස්‌සකට පමණ පෙර
ශ්‍රී ලංකාවේ පළමු ඒඩ්ස් රෝගියා හමුවීමේ පුවත සැලවීමත් සමග රටම සලිත විය.
ඒඩ්ස් යනු ලිංගික ක්‍රියාවන් ආශ්‍රිතව බෝවන මාරාන්තික රෝගයකි. එසේම මෙය
හටගන්නේ අනාරක්‍ෂිත ලිංගික ඇසුර නිසාය. අනාරක්‍ෂිත ලිංගික ඇසුර යනු තම
විශ්වාස වන්ත සහකරුවෙක් හෝ සහකාරියක් නොවීම සම්මත ලිංගික ක්‍රියාවන්ගෙන්
ඔබ්බට ගිය ලිංගික ක්‍රියාවන්හි යෙදීම ලිංගික සේවිකාවන් හෙවත් ග‚කා ඇසුරය.
මෙවැනි ලිංගික කටයුත්තකින් ඒඩ්ස් රෝගය බෝවන බැවින් අප රටේද බොහෝ දෙනා
ඒඩ්ස් රෝගියකු හමුවීම ගැන පැවසූ විට සලිතවන්නට වූහ.
හැංගි හැංගි
වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිට සේ හොර රහසේ අනියම් ලිංගික ඇසුර
පැවැත්වූවත් ඒඩ්ස් රෝගය වැළඳුන විට එය හංගන්නට බැරිය. ඒඩ්ස් රෝගය වැළඳුන
විට ඊට බලපාන එච්. අයි. වී. වෛරසය මගින් මිනිස් සිරුරේ ප්‍රතිශක්‌තිය
ක්‍රමක්‍රමයෙන් දුර්වල කරයි. එවිට ඉතා පහසුවෙන් එම පුද්ගලයා විවිධ ආසාදන
රෝගවලට ගොදුරුවිය හැකිය. එපමණක්‌ද නොව එම ආසාදන මගින් මරණය ඉතා ඉක්‌ම‚න්
ළඟාවේ.
යමෙකු මිය ගියේ ඒඩ්ස් රෝගය නිසා යෑයි කියා හෙළිවුවහොත් ඔහු හෝ ඇය සමග ඇසුර පැවැත්වූ සියලූ දෙනාටම සිදුවන්නේ මැරි මැරී ජීවත්වීමටය.
වර්තමානයේ අප
රටේද එච්.අයි.වී. ආසාධිතයින් ලක්‍ෂ දෙකක් පමණ සිටින බව හඳුනාගෙන ඇත. ඔවුන්
හඳුනාගෙන ඇත්තේ අහම්ඛෙන් මෙන් සිදු කළ රුධිර පරීක්‍ෂාවන්හිදීය. ඉතා සුළු
පිරිසක් කෙලින්ම එච්. අයි. වී. රෝග පරීක්‍ෂාව සඳහා යොමුවීමේදී ආසාධිත බව
හඳුනාගෙන ඇත.
වයස අවුරුදු 16
ත් 49 ත් අතර වියේ පසුවන කාන්තාවන් සහ පිරිමින් ඉතා පහසුවෙන් එච්. අයි. වී.
ආසාදනයට ගොදුරු විය හැකිය. ඉන් මිදීමට නම් කළ යුත්තේ ආරක්‍ෂාකාරී ලිංගික
ඇසුරක යොමුවීමය.
විශ්වාසවන්ත අයකු සමග වුව ලිංගික ඇසුරේ යෙදෙන විට උපත් පාලන කොපුවක් භාවිතයට යොමුවිය හැකි නම් වඩාත් ආරක්‍ෂා කාරීය.
එච්. අයි. වී.
ආසාදනය වන තවත් එක් ක්‍රමයක් වන මත්ද්‍රව්‍ය එන්නත් කටු භාවිතයෙන් ශරීර
ගතකර ගැනීම අප රටේ බහුලව නැත. කිහිප දෙනකු එකම එන්නත් කටුව භාවිතය නිසා
එච්. අයි. වී. ආසාදිතයකු සිටිය හොත් ඉතා පහසුවෙන් එම පුද්ගලයාගේ රුධිරය
නිරෝගී අයකුගේ රුධිරයට එක්‌වීමෙන් ඒඩ්ස් රෝගයට ගොදුරුවිය හැකිය.
ඒඩ්ස් රෝගය අප
රට තුළ පමණක් නොව මුළු ලොවම වෙලාගත් පාලනය කිරීම බොහෝ අපහසු වසංගතයක් බවට
පත්ව තිබේ. ඊට හේතුවී ඇත්තේ මෙලොව උපන් සෑම අයකුම වාගේ ලිංගික ක්‍රියාවනට
සෙක්ස් වලට ඇති ලොල් බවය. තරුණ වයසේදී ඇතිවන හැඟීම් පාලනය කර ගැනීමට
අපහසුය. එනිසා තරුණවියේ වැඩිපුරම ලිංගික ක්‍රියාවනට නැඹුරුවේ.
ගැහැනියක් ඉපදී
ඇත්තේ දරුවන් බිහිකරන්නටය. පිරිමියකු බිහිවී ඇත්තේ දරුවන් හදන්නටය. එය
මානව ස්‌වභාවය. එනිසා පිරිමියකු වයස අවුරුදු 12-14 අතරවියේදී ලිංගික
පරිනතවීමට පත්වූ විට ඔහු මිය යන මොහොත දක්‌වාම එය සක්‍රීයව පවතී. කාන්තාවනට
වයස අවුරුදු 50-55 දී පමණ දරුවන් බිහිකිරීමේ හැකියාව නිමා වූවාට ලිංගික
ආශාව අවසන් නොවේ. එයද මියෙනතුරුම පවතී.මෙම තත්ත්වය මත එච්. අයි. වී. ආසාදනය
පාලනය කිරීමට නම් උපත් පාලන කොපු භාවිතයට ජනතාව හුරු කළ යුතුමය.
ඔස්‌ටේ්‍රලියාවේ
සිඩ්නි නුවර මේ දිනවල අඩි 60 ක් උස රෝස පැහැති උපත්පාලන කොපුවක්
ප්‍රදර්ශනයට තබා ඇත. ඉන් බලාපොරොත්තුවන්නේ තරුණ තරු‚යනට ආරක්‍ෂිත ලිංගික
ක්‍රියාවන් කෙරෙහි සිහිකැඳවීමකි.
අප රටේ
මෙවැන්නක් ප්‍රදර්ශනය කළ හොත් ඊට එරෙහිව සදාචාරය සංස්‌කෘතිය නැගී සිටිනු
ඇත. නමුත් මේ වන විට අප රට පුරා පැයකට රුපියල් 600 ත් 800 ත් අතර මිලකට
ලබාගත හැකි කාමර පහසුකම් ඕනෑ තරම් ඇත. මෙම පහසුකම් ලබන්නේ බහුතරයක්
අවිවාහක තරුණ තරු‚යන්ය. ඔවුන් එහි යන්නේ ලිංගිකව එක්‌වීමටය. හොරෙන් ගොස්
හොරෙන්ම පිටව යන මොවුනගෙන් කීයෙන් කීදෙනකු එච්. අයි. වී. ආසාදිතයන් දැයි
කියා දන්නේ නැත.
එච්. අයි. වී.
ආසාදනයේ ඇති භයානකම තත්ත්වය වනුයේ මෙම වෛරසය ශරීරගතව වසර කිහිපයක් යටපත්ව
සිට එකවරම මතුවීමය. එනම් වසර ගණනාවකට පෙර පැවැත්වූ අනාරක්‍ෂිත ලිංගික
සම්බන්ධයේ ප්‍රතිඵල මතුවන විට රෝගියාට ඒ ගැන මතකයක්‌ද නැත. එනිසා එච්. අයි.
වී. රෝගය පාලනය සඳහා හැංගි හැංගි නොව ප්‍රසිද්ධියේ කථා බහ කළ යුතුය.
ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ
වෛද්‍ය කේ. ඒ. එම්. ආරියරත්න මහතා පැවසූ පරිදි එසේ නොකළ හොත් ශ්‍රී ලංකාවේ
සතියකට වරක් එච්. අයි. වී. ආසාදිතයන් දෙදෙනකු හමුවීම නොව ඊට වඩා දෙගුණයක්
වාර්තාවිය හැකිය.
වෛද්‍ය ආරියරත්න
මහතා පවසන පරිදි ආරක්‍ෂක අංශ සාමාජිකයන්, උසස් අධ්‍යාපනය ලබන තරුණ
තරු‚යන්, නිදහස් වෙළෙඳ කලාප වල සේවය කරන තරු‚යන් ඉතා පහසුවෙන් එච්. අයි.
වී. ආසාදන සඳහා ගොදුරුවිය හැකිය. ඊට හේතුව ලෙස වෛද්‍යවරයා සඳහන් කරන්නේ
ඔවුන් දන්නේ ලිංගික සේවනය මිස ආරක්‍ෂිත ලිංගික සේවනය නොවන බැවිනි.
// //
0
comments
//
0 comments to "ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න "
Blog Archive
-
▼
2016
(34)
-
▼
February
(17)
- තමන්ගේ ලිගුව ප්‍රාණවත් නොවීමට හේතු සහ තමන්ගේ සහකාර...
- අසාමාන්‍ය ලිංගික ආශාව
- කාන්තාවන් ස්වයංවින්දනයේ යෙදෙන ආකාරය
- කෙල්ල සෙක්ස් වලට කැමතිද කියල නහයෙන් දැනගන්න හැටි
- සෙක්ස් කරන්න හොඳම වයස මෙන්න
- ස්වයං වින්දනයේ යෙදෙන නොයෙදෙන සියලු දෙනාම කියවන්න.
- ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙ...
- ඔබේ පියයුරු ස්වභාවිකවම විශාල කර ගන්නේ කොහොමද ?
- සුපිරියට sex කරන්නේ කොහොමද
- ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට
- උපත් පාලන පෙති (මිතුරි) කියන්නේ මොකද්ද?
- යුගදිවිය බිඳවන ජීවිතේ රිදවන නොකියන රහසක්
- ලිංගික හැසිරීම් වල යෙදිය යුතු/නොයුතු කාල තිබේද?
- Family Planning (උපත් පාලන ක්‍රම)
- පියයුරු වල ප්‍රමාණය හා හැඩය අනුව කාන්තාවන් සතුටු ක...
- පිරිමි ලිගුවේ පෙරසම හා ආශ්‍රිතව ඇතිවන ව්‍යාකූලතා
- යෝනි මාර්ගයෙන් දුඟදක් වහනය වෙනවද
-
▼
February
(17)
Popular Posts
-
කාන්තා ස්වයංවින්දනය ගැන ලිපියක් ලියන්න පටන්ගත්තට ලියල ඉවර කරන්න ලැබුනෙ නෑ වැඩත් එක්ක? ඔන්න කොහොම හරි අද ඉවර කරනව කියල පටන්ගත්ත, නැත්ත...
-
අද වන විට බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වනුයේ පිරිපුන් පියයුරු යුගලයක් හිමි කර ගැනීමය. ඒ ස දහා ඔවුන් නොකරන දෙයක් නැත. ඔවුන් නොකරන කැපකිරීමක...
-
යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය ලෙස සැලකේ. කාන්තාවකගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය...
-
ලිංගිකව ඒක්වීමේදි ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට ලක් කර ඇයට කවදාවත් නොලැබුන සතුටක් ලබා දෙන හැටි ගැහැනිය සුන්දර...
-
තම සහකරු හෝ සහකාරියගේ රහස් ප්‍රදේශයන් සිප ගැනීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මන්ද ලිංගික කි‍්‍රයාවලියේදී සිප ගැනීම් සුළබ...
-
සුපිරියට sex කරන්න කියවන්න දැනගන්න පෝෂ්‍යදායි ආහාර හා ව්‍යායාම කියන්නෙ නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍ය දේවල්. ඒවගේම හොඳ ලිංගික ජීවිත...
-
තමන් යාලූවුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්... 1. ...
-
මෙම ප්රශ්නය අද ගොඩක් පිරිමි අතර පවතින දෙයකි. සමහර පුද්ගලයන්ට ලිගුව ප්‍රාණවත් නොවීමක් සිදුවේ. තව සමහරක් අයට ලිංගික එකතුවීමකදී අවසානය ...
-
පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැ...
Post a Comment